_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

Mr.ජිනදාස

නන්දා මදක් නවතින්න
අඳුනගන්නට බැරිද මම
මළැයි මෝචරියෙදී රැවටුන
සිංහලේ ගිය ජිනදාස මම

බතල මයියොක්කා පිපිඤ්ඤා
වවවවා හිද වෙහෙස වී මම
කොළොම් පුර නැව් තොටෙන් හවසක
නැව් නැගිමි පිටරටක යාමට

සරම ගලවා කලිසමක් හැද
ඇපල් වත්තක වැඩ කෙරූවෙමි
යනවිටදි නාමල් පුදන්නට
රහ බැලූවේ මා නෙළූ ගෙඩි

සිංහලේ ගිය ජිනදාස මම
ඇපල් වත්තක හිමිකරුය දැන්
ෆෝනෝට්ෆෝ කාරෙකක නැඟ
කැන්දයන්නට ආමි නුඹ අද

No comments:

Post a Comment