_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

රේල් පීල්ලක් මත පෙමක්

ගැබ්ගත් දුම්රිය මැදිරියක්
විලිවැදී දඟලන,
එංජිම
එය රැගෙන වේගයෙන්
තිඹිරිගෙය සොයා දිවයන

මේ අසුන
අප වෙනුවෙන්ම වෙන්කල,
මා සුරත යට
නුඹේ කුස මෝරා එන

කවි පද එකින් එක
ගර්භාෂ බිත්ති මත ලියමින
නුඹේ මස - මගේ මස
නුඹේ කුස තුළ මියැදෙන

No comments:

Post a Comment