_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

පුරුෂ.

"කිසිකෙනෙක් කියල දුන්නෙ නෑ පිරිමි කියන්නෙ ජංගි වගේ දෙයක් කියල. ටික දවසකට පස්සෙ සේදුවට යන්නෙ නැති කහපාට හිටිනව,බුරුල් වෙනව,කොහෙත්ම නොහිතන වෙලාවක ගැලවිලා වැටෙනව."

_සමර විජේසිංහ, සේදී ගිය පාට_
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

සඳ.!
නුඹ
පුරුෂ ලිංගය

භ්‍රමණ පරිභ්‍රමණ 
කාල සම උන
එකම මුහුනත
සැමට සැමදා පෙනෙන

සීත කැටිගැසුන
අඳුරු දිවි අඩ
කිසිවෙකුත් නොදකින
කිසිවෙකුත් නොපතන,
සඳ !
නුඹ පුරුෂ ලිංගය

No comments:

Post a Comment