_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

කඟපතක් මත පෙමක්

ආනන්දනීය ප්‍රේමය..!
අමන්දානන්දයට පත්කර
මා දිළිඳු හදවත
කඩුතුඩක රැන්දූව

එම්බා..!
ප්‍රේමයට අධිපති දෙවඟන
මඳක් බලනුය මේ දෙස
නුඹ අතැති
ලා රෝස පැහැ පුෂ්පයන්
පිපී ඇත
මා සොහොන මත

නෙලා ඒ මල්
තබනු ඈ දෝත මත
රිසි ලෙසින්
වරලසෙහි ගවසන්න හා
කැමති පුදසුනක් මත ලන්න

No comments:

Post a Comment