_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

අස්ථානගතකල නිමිත්තක්

සොඳුර,
මේ
රැළේයන සමයයි
ප්‍රේමය..

සොහොන්පල්ලා වෙමි මම
සාධු සම්මත ලෝකයක
මරා දැමුවෙක් රකින
අසම්මතයේ
කඩු පහර වැද
අංඟ ඡේදනය
වී හිඳින

මීට කලකට ඉහත
නුඹේ දෙන තුළ සිරකල
මගේ සුරතාන්තය
සොයා වෙහෙසෙමි 
තවම මම

No comments:

Post a Comment