_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

අද පටන්, සත්‍ය බහුවිධය

එන්න,
තිඹිරි ගෙයි දොරින්
බැලුවාට කම් නැත
ගෞරවණීය ලෝකයේ
රහස් නුඹ දන්නෙ නැත

නොබසින්න ඔය ගඟට
පින්බර සුදනුන්ගේ
කිළිටි දෝවනය කර
ඕජස් සැරවයන් 
මුහුව ඇත දියට

අතට ප්‍රීති කොපු දමා
කටු පදුරු වල පවා
මල් නෙලන
සුසුදු පිරුවට හැදන්
එමල් පුදසුන් මත තබන

සියළු සත්‍යයන්
තනුක කොට 
වැද්දන්ට බණ දෙසන
හුදීජන
පහන් සංවේගයෙන්
සාධු රාවය නඟන

ගතේ පතිවත දරන්
සිහිනෙනුත් දූෂණය වන
සඳ එළිය වැටෙන තැන් බලබලා
ජනෙල් තිර මෑත් කර තබන

අන්සබාගික විනිසුරන්
සාධු සම්මත රකින
ඇස් වපරයැයි කියා
නිරෝගී හිත් එල්ලා මරන

හකු කොනක බුදුරැස් තියා
අනෙක් හක්කෙන් දඩමස් හපන
දුන්න හාවාටම මානා
විද්දෙ පඳුරමයි කියන

දැන් උපන් බිළිඳ
හැකිනම්,
සාමදානයේ සැතපෙන්න





No comments:

Post a Comment