_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

කඩුවක් හා කොපුවක්

පුංචි ඔසරිය.!
ඔන්න
ලිහී යනවා
ඉඟ නෙරිය

මේ ඇඹුල
ස්ට්‍රෝබෙරි ගෙඩිය
තවටිකක් ඉඳුනානම්
මොකද.!

කෝ නුඹේ අත.!
පෙන්නන්න මට
මේ හරස් රේඛා
මෙහෙම වේවිද හැමදාම?

එපා නිල්වන් සයුරුගැඹ.
එන්න, 
මා එක්ක පදවන්න
හංස බෝට්ටුව
කුණු ඇළක

No comments:

Post a Comment