_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

නිදිවරා කවි ලියන සින්ඩරෙල්ලාට..!

සින්ඩරෙල්ලා.!
දැං ඉතින්
හැඩීමෙන් පල නැත
සපත්තුව
පැලදීම ගුණ නැත
කකුල් වල
දියපට්ට ඒමට ඉඩ ඇත

කෝකටත්
හුළගෙ යනවිට ඔසරිය
අල්ලගන්නට කෙනෙක් අවැසිය.
ඒත්,
වැඩි සුදුසුකම් අනවැසිය
වැඩි වැටුප්
ඉල්ලන්න ඒවිය

ජීවිතේ
මහාලොකු දිග නැත
ඕනිනම්
කෝච්චිය තරම් දිග ඇත
උදේ හවහා
එක ඉස්ටේසමෙන් ගොඩවෙන
පහුවදාටත්
එහෙම්මම සිදුවෙන
ආයෙමත් පහුවදා
ආයෙමත් ගොඩවෙන,
ආයෙමත්...
ආයෙමත්...
ආයෙමත් ගොඩවෙන,
එහෙම බැලුවහම
ජීවිතේ
සිල්පරං කොටයක් තරම්වත් නැත


(ප.ලි. - සින්ඩරෙල්ලා..!
දන්නෑ නුඹ,
කවියන්ට
කුමක් හෝ සුන්දරලු
හැම ගැහැනියක්ගෙම...)

No comments:

Post a Comment