_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

ඈ හෝ මා හෝ ගංඟා හෝ

කළු ගඟ,
ඇත
කියන්නට කාරනාවක් මට
මදක් නැවතී පාලමේ යට
බිඳක් දොඩමළු වෙමුද මා මිත

දන්නවා මම
කිසි දිනෙක බැහැ
නගින්නට කන්දක් ගඟකට
නමුදු හිතවත
හැරී මෙතනින් ඉහලට
යා යුතුය නුඹ
කන්ද උඩරට

නුවර වැව අස, බංකුවක් මත
යුවතියක් ඇති මනාලියකව
ගන්න මා මිත, මේ ඇගේ හිත
ගිහින් එය යලි දෙන්න ඇය හට





No comments:

Post a Comment