_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

වඩට බා දිය

නපුරු රළ
දියඹ සිට දිව එන
'චටස්' ගා
කම්මුලට ගසා පැනයන

හීතලම කඳුලක් වැටෙන
කරදියට මුහුව
දියවෙන

මහමුහුද දෝතින්ම ගෙන
ඇඟිලිකරු අතරින් පෙරෙන
දිවතුඩේ බිඳුවක් තබා
කරදියේ පැණි රස සොයන

No comments:

Post a Comment