_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, December 14, 2011

කොල හැලුන වසන්තය...

වසත් කාලය එලඹෙත්ම
ගම්පාලු කුරුල්ලෙක් පැමිණ
අළුතින්ම
දළු දම දමා සිටි මට
කීය රහසක්
කනටකර නුඹ ගැන

ඉනික්බිති
කියා අහවරව ඒ රහස
පියඹා ගියා ඌ ඈතකට
මෑත අතවනන වසන්තය
රහස නොදැනම උදාවිය

තරු නිවා රහසේම
සඳක් බැබලුනි තනියේම
රහස් බස් ඇසු හිතගාව
වසත් ලා දළු හැලුනේය

No comments:

Post a Comment