_____________________

colorful ලෝකයේ black & white කවි...

Thursday, December 1, 2011

සුළඟ. . !

පෙම් උයන පිස එන
සල්ලාල මඳ සුළඟ
පෙම්වතෙකු අතගත්
යුවතියක කෙහෙරැල්
සලා දඟකාර විලසට 
ඉනිදු නොනැවතී
මුදු සේල
තබා සිරකොට බඳට
ඈ ගතෙහි
තුරුණු හැඩ
මා දෑස අබිමුව
වෙන් වෙන්ව දක්වාය

සුළඟ. . !
පෙර දවස
මා සුරත ගෙන
මේ උයන් තීරයෙම
පෙම්වත්ව ගතකල
ඈ ගතෙහි
වැස්ලීන් සුගන්ධය
මට හොරා
තවකෙකුට ගෙනගියේ
නුඹ නොවෙද ?

2 comments:

  1. ලොක්කා යන උං යනව ඔකට සුළඟට දොස් කියලා වැඩක් ඇතැ...ගිය දේ ගියාවේ අලුත් ජිවිතයක් පටං ගනින්...සහොදරය විරහව කැටි උන සුන්දර පද පෙලක් ..ජය

    ReplyDelete
  2. යොදයො ඔය වර්ඩ් වෙරිෆිකෙෂන් අයින් කොරහන් බොල...ලියන උන්ට අදහස් දක්වන්ට ඔක බැරියර් එකක් වැනිය...

    ReplyDelete