_____________________

colorful ලෝකයේ black & white කවි...
Showing posts with label පර මල් පෙත්තක්. Show all posts
Showing posts with label පර මල් පෙත්තක්. Show all posts

Wednesday, July 20, 2011

පර මල් පෙත්තක්

සීත හිම අරණ
පිස හමන මඳ සුළඟ
කොහේදෝ දුරක සිට
මෙ මල් පෙති රැගෙන එත

මඳ සුළඟ නවතින්න
බිඳුවකට මෙහෙ එන්න
ලා රෝස පැහැගත්ත
මේ සිඟිති මල් පෙත්ත
කොහෙන්දැයි පවසන්න

බමර විත වැදී ඇත
හොදටෝම රිදී ඇත
ආදරේ කැටි ගැහුන
මලේ කඳුළක හැඩය
තවම පෙති මත ඇදී ඇත

සිහිනයක් කැන්දනා
ආදරේ හැංගුනා
සීත වන රොද තනිව සරනා
හැඟුම් මියැදුනු සිතක් සොයලා
මලක පෙත්තක් පාවුනා