_____________________

colorful ලෝකයේ black & white කවි...
Showing posts with label අළුත ගෙනා මනමාලී. Show all posts
Showing posts with label අළුත ගෙනා මනමාලී. Show all posts

Wednesday, July 20, 2011

අළුත ගෙනා මනමාලී.

වහං වෙනවද
දොර රෙද්ද පිටුපස
මල් තුවක්කුවකින්
වෙඩි තියන්නට
අත ගිගිරි නාදයට
සාක්කුව හිස්වෙන
උළුවස්සෙ මරුවැලක්
හිමි හිමිං ගැස්සෙන
කතුරු ඔන්චිල්ලාව
හතරැස්ව පැද්දෙන
තුන් සරනෙ කියන්නට
යටි උගුර පාදන

මං කියන්නං දෙයක්
පුංචි හිත ගැස්සෙන,
මේ කටුව ගැලෙව්වොත්
ඔසරියක් බිම හෙන