_____________________

colorful ලෝකයේ black & white කවි...
Showing posts with label අනාරාධිත ප්‍රේමයක්. Show all posts
Showing posts with label අනාරාධිත ප්‍රේමයක්. Show all posts

Wednesday, July 20, 2011

අනාරාධිත ප්‍රේමයක්.!

මේ ගස
ඉතා නාඹර පාටය
විසල් බඳ හරි සීරුය
තනිව ඉන්නා ගානය

මුල් පොකුර
මහපොලව දතකාගෙන
ගැඹුරටම අත දාගෙන

හිස මුදුන අතු අගින්
ආලයට මල් පූදින
තාලයට මදනල එන
මාලයට මල් හලමින

කෙවිලියෝ, රන ගිරවියෝ
කැකුළු හොට පිරි මැදමැද
ගස රවට්ටන තාලය
ගසට නෑසෙන ගානය
ගස නිසොල්මන් පාටය

හදිසියේ
අනාරාධිතව පැමිණිය
පුංචි කොට්ටෝරු ධේනුව
තියුනු දෙතොලින් ගස සිප
ඔය කරන දේ නාකය