_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, March 21, 2012

අසංස්කෘතිකයාගේ කවිය

මම
ඔබව
සිපගනිමි


ඈත් මෑත් බලා
කිසිවකුත් නොදකිනා ලෙස නොව
දෙනෝ දාහක් සෙනඟ මැද
බොහෝ උන් ඇස ගැටෙන ලෙස


ලැජ්ජා නොවනු මැන
ඒ සියළු මිනිසුන්
තවත් පියවර පහක් ගියතැන
අපව අමතක කරනු ඇත
නොමැති නම්
නොදුටු ලෙස සිටිනු ඇත

2 comments:

  1. විළිලැජ්ජාවේ සංතොසේ බෑ ගෙවල් ලඟ කවුරුහරි දැක්කොත්...පැයෙන් දෙකෙන් නෙමේ අවුරුදු ගානක් කියවයි අරූ කෙල්ලෙක්ව ඉම්බනේ මහ පාරේ කියලා....

    ReplyDelete