මේ
දුක නැතිකරන මඟය
මෙතැන් සිට
අඩි දෙසීයක් ගියතැන
පර්චස් හතක් ඇතුළත
හමුවේය නිවන් දොර
ඒ නිවන දොරකඩ
බලන් ඇති නුඹේ මව
අප දෙදෙන එනතුරු
පිටදී උළුවස්සට
නැතිනම්
හිඳගෙන දොර පඩිය උඩ
නුඹව නහවන්නට
උණු වතුර හදා ඇති
මා වෙහෙස නිවන්නට
කේතලේ ලිපේ ඇති
දුටුගමන් නුඹේ වත
දිවවිත් පෙරමඟට ඇය
අසයි නුඹගෙන්
"තාත්තට සැර දැම්මද ?
සෙල්ලම්බඩුත් ගත්තද !
කෝ, චොකෝ කෑවද?
අම්මිටත් ගෙනාවද ? "
ඉතින් පුත,
දැන් මා අතින් බැස
එල්ලී සුළැඟිල්ල අග
සිඟිති පා තබා යමු
මේ සොඳුරු මඟ දිග
මෙය දුටු විගස මීට කෙටි කලකට පෙර මූණුපොතේ මේ කිවයට මම අදහසක් පලකලා මතකයි..කොහොම වුනත් නැවත් විඳින්න පුළුවන් කවියක්
ReplyDelete