_____________________
colorful ලෝකයේ black & white කවි...
Wednesday, December 14, 2011
Saturday, December 10, 2011
කදා වලල්ලක් සහ අත් තුනක්...
ප්‍රේමය
තොරොම්බල් කර
සේරවාණිජ
නික්මින
ඇය
අහිමිවූ රන් තැලිය ගැන
සිතා ළතවෙනා'තර
මම
බෙලෙක් තැටියක
ප්‍රේමයේ පිළුණු බත
වලඳමිය...
Monday, December 5, 2011
කමටහන
මම
පාත්‍රය අතට ගත්
නන්ද
නින්ද
පාට එළි දල්වාන
හැම රැයම වනසාය
කල්‍යාණිය
නුඹේ රුව
ලාටු මෙන්
සිතෙහි තාවරව
මා
සසර
රදවාය
පාත්‍රය අතට ගත්
නන්ද
නින්ද
පාට එළි දල්වාන
හැම රැයම වනසාය
කල්‍යාණිය
නුඹේ රුව
ලාටු මෙන්
සිතෙහි තාවරව
මා
සසර
රදවාය
Sunday, December 4, 2011
චෙක් මේට්
අරුනැල්ල
වැටෙනවිට
දුටිමි
සුදෝ සුදු චාලිද්දරය
හා
මා අසල
නිදන ඇය
තවත් සුළු මොහොතකින්
මදා'ඳුර මැකෙනු ඇත
Thursday, December 1, 2011
සුළඟ. . !
පෙම් උයන පිස එන
සල්ලාල මඳ සුළඟ
පෙම්වතෙකු අතගත්
යුවතියක කෙහෙරැල්
සලා දඟකාර විලසට
ඉනිදු නොනැවතී
මුදු සේල
තබා සිරකොට බඳට
ඈ ගතෙහි
තුරුණු හැඩ
මා දෑස අබිමුව
වෙන් වෙන්ව දක්වාය
සුළඟ. . !
පෙර දවස
මා සුරත ගෙන
මේ උයන් තීරයෙම
පෙම්වත්ව ගතකල
ඈ ගතෙහි
වැස්ලීන් සුගන්ධය
මට හොරා
තවකෙකුට ගෙනගියේ
නුඹ නොවෙද ?
Subscribe to:
Posts (Atom)