_____________________

colorful ලෝකයේ black & white කවි...

Thursday, June 14, 2012

සිදුරු

හඳ එළිය
උළු මූට්ටුවකින්
ගෙට පනින

හැළි වළං ඇර බලන
ඇයි නොකෑවේ අහන
කොච්චි සම්බෝලක්
කොටා දෙන්නම් කියන

කෝ කොස්ස? සැරදාන
කාමරේ අතුගාන
කිලිටි කමිසය අරන්
රවා මා දෙස බලන

බිත්තියේ ඇලවූව
රූප වෙත නෙත්යොමන
මේ රැවුල් කාරයන්
කොහේ ඉන්නෙද අහන

සයනයේ කොනක හිඳ
සෙමෙන් හිස පිරිමදින
නින්ද මා වෙත ගෙනෙන
මන්තරය ජපකරන

වහලයේ උළු අතර
බොහෝ ඉඩ කඩ තියෙන
ඒ හිඩැස් කිසි දිනෙක
වසන්නට නොම සිතෙන

1 comment:

  1. හඳ තියෙනකන් හොඳයි
    වැස්ස දවසක තෙමෙයි

    කළු කවිය අපූරුයි !
    අවස්ථාවක සියුම් තැන් ගෙන කවිය තුළ රූ මවන හැටි අගෙයි.

    ReplyDelete