_____________________

colorful ලෝකයේ black & white කවි...

Thursday, May 3, 2012

එකමත් එක කාලෙක...

වක්ක ගැහුණු හඳ පාමුල
හුජ්ජ ගඳ ගහන පාරක
ඉල්මහේ ඔසප් දිනයෙදි
සත්‍ය තිබුණාලු දැවි දැවි

තුවක්කු කටකින් විසිවෙන
පුරුෂ ධාතු වරුසාවෙන්
වඳපීදුන දරු බොක්කක්
ගැබ් ගැන්වී ඇත මහතුණි
අයිය ගියා රෑට කන්න
පාං දෙකක් අරන් එන්න
එනවා මහ වැහි වහින්න
අයියෙ හනික ගෙදර එන්න

2 comments:

  1. මොන කුණුහරුපයක්ද මේ?

    ReplyDelete
  2. කියෙව්ව. තේරුනේ නෑ.කැමතියි ලියනවානම් තේරෙන විදිහට අපිටත්. ජය...!

    ReplyDelete